Thursday, April 4, 2013

අද සුපුවත 04.04.2013

 ලුක් 24 : 35 – 48

35 එවිට ඔව්හු ද මභ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.36 ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටිය දී උන් වහන්සේ ඔවුන් මැදට වැඩම කර ”ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක. 37 එහෙත් ඔව්හු ත්‍රස්ත ව භීතියට පත් ව, ඒ අවතාරයකැ යි සිතූ හ. 38 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඔබ කැළඹී සිටින්නේ මන් ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන් ද? 39 මාගේ අත් හා පා බලන්න; මේ මා ම බව තේරුම්ගන්න; මා ස්පර්ශ කොට, බලන්න; ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නමි ඒවා නැතැ”යි වදාළ සේක. 40 උන් වහන්සේ මෙවදන් කියා, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක.

 * * * * * * * 

සමිදාණෝ නිතරම 'ඔබට සාමය වේවා",බිය නොවන්න ,ප්‍රීති වන්න යන වචන වදාළ සේක.සමිදාණන් තුල ජීවිතය බියෙන් තොර ,ප්‍රීතිමත් හා සැනසිලිදායක ජීවිතයක් බව පෙන්වා දුන් සේක.අප බිය වෙමු නම් අප උත්තනාවූ සමිදාණන් පිළිබඳව විශ්වාස නොකරමු . සමිදාණෝ අප සමග බව විශ්වාස නොකරමු .ජීවිතයේ සතුටුදායක මොහොතවලදී පමණක් නොව පීඩාකාරී මොහොත වලදීද අප නොබියව ,ප්‍රීතිමත්ව ජීවත් විය යුතුය .මන්ද නිබඳවම සමිදාණෝ අප සමග බැවිනි 

No comments:

Post a Comment