Thursday, September 18, 2014

අද සුපුවත -සැප්තැම්බර් මස 19 -සිකුරාදා

පළමු කියවීම/1කොරින්ති 15:12-20

අප දේශනා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන් උත්ථාන වීමක් නැතැ යි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේ ද? 13 මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම්, ක්‍රිස්තුන් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. 14 ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථක ය; ඔබගේ ඇදහීමත් නිරර්ථක ය. 15 මළවුන් උත්ථාන කරනු ලැබීමක් නැත්නම්, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කෙළේත් නැත. එසේ නම් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේකැ යි අප සාක්ෂි දුන් බැවින්, අපි බොරු සාක්ෂිකාරයෝ වම්හ. 16 මන්ද, මළවුන් උත්ථාන කරනු ලැබීමක් නැත්නම්, ක්‍රිස්තුන් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. 17 ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් ඔබගේ ඇදහීම නිරර්ථක ය; ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහු ය. 18 එපමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේ අදහාගෙන මියගිය අය ද සදහට ම විනාශ වී ඇත. 19 ක්‍රිස්තුන් වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වූවක් නම්, අපි සියල්ලන්ට ම වඩා කාලකණ්ණියෝ වෙමු. 
20 එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට a සහතිකය වේ. 

සුවිශේෂය/ලූක් 8:1-3

ඉන්පසු ජේසුස් වහන්සේ ධර්ම දේශනා කරමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කරමින් ද නගර සහ ගම්වල සැරිසැරූ සේක. උන් වහන්සේ සමඟ ශ්‍රාවකයෝ දොළොස්දෙනා ද 2 අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද 3 හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ.

--
Dear Brothers & Sisters, please visit
http://supuwatha.blogspot.com/  for full text of daily readings & more....
God Bless you...

No comments:

Post a Comment