Friday, February 20, 2015

Ada Supuwatha අද සුපුවත 20.02.2015

දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.

පළමු කියවීම/යෙසායා 58:1-9

1 සමිඳාණෝ මෙසේ වදාරන සේක: 
''නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.

2 ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති; 

මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති; 
සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති; 
දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.'' 
3 ''සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද?

එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ''යි සෙනඟ අසති. 
සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: 
''නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය. 

4 නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. 

මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ. 
5 නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන, 

ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය. 
උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද? 
එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද? 
‍ 6 මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය.

7 සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.

8 එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. 

ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.
9 එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. 

මට නුඹලා හඬ නඟන විට 'මම මෙහි ය'යි පිළිතුරු දෙන්නෙමි. 
නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,

 

සුවිශේෂය/මතෙව් 9:14-15

14 එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, ''පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ''යි ඇසූ හ. 15 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ''මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත. 


--

No comments:

Post a Comment