Saturday, February 21, 2015

Ada Supuwatha අද සුපුවත 21.02.2015

සමිඳුනිඔබේ සත්‍යයෙහි ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව


පළමු කියවීම/යෙසායා 58:9-14

එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. 
මට නුඹලා හඬ නඟන විට 'මම මෙහි ය'යි පිළිතුරු දෙන්නෙමි. 
නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,
10 
සාගිනි ඇත්තාට අනුකම්පා කරඅසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්නුඹේ අඳුර එළිය වන්නේ ය; 
ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය. 
11 
මම නිතර ම නුඹලාට මඟපෙන්වායහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි.
නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය. 
12 
නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. 
පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. 
කැඩුම්බිඳුම් සෑදූවාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.''

13 සමිඳාණෝ මෙසේ වදාරන සේක: 
''
නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වාඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකරසමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්ගනුදෙනු නොකරඅල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්, 
14
 මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය. 
ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි. 
නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය. 
මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.''

සුවිශේෂය/ලූක් 5:27-32

27 ඉක්බිති උන් වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදුපොළේ හිඳිනු දැක, ''මා අනුව එන්නැ''යි ඔහුට වදාළ සේක. 28 ඔහු සියල්ල අත්හැරදමා නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. 29 ලෙවී සිය නිවෙසෙහි උන් වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. අයකැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමඟ කෑමට හිඳගත්හ.30 එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, ''ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ''යි ඇසූ හ. 31 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ''රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත. 32 මා ආයේපවිටුන් මිස දමිටුන් පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම පිණිස නොවේ ය''යි වදාළ සේක.


--

No comments:

Post a Comment