Monday, September 22, 2014

අද සුපුවත -සැප්තැම්බර් මස 22

පළමු කියවීම/හිතෝපදේශය 3:27-34


 27 ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න.

28 හැකියාව තිබිය දීත්, ''ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි''යි ඔබේ අසල්වැසියාට නොකියන්න.
29 ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී, 
ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න. 
30 ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.
31 සාහසිකයෙකු ආදර්ශයට නොගන්න; 
ඔවුන් අනුගමනය නොකරන්න; 
32 වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි; 
එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය. 
33 දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත; 
සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක. 
34 නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක; 
යටහත් අයට ප්‍රසාදය දක්වන සේක. 

සුවිශේෂය/ලූක් 8:16-18

 

 16 ''කිසිවෙකු පහනක් දල්වා බඳුනකින් වසන්නේ වත් යහනක් යට තබන්නේ වත් නැත; එහෙත්, ඇතුළු වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබති. 17 ඒ නිසා හෙළි කරනු නොලබන සැඟවුණු දෙයක් නැත; නොහොත් ප්‍රකාශයට පත් නොවන, හෙළි නොවන කිසි රහසක් ද නැත. 18 එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේ දැ යි විමසිල්ලෙන් සිටින්න. මන්ද, යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; යමක් නැති තැනැත්තාගෙන්, තමාට ඇතැ යි සිතන දෙය පවා පැහැරගනු ලැබේ.''


--
Dear Brothers & Sisters, please visit
http://supuwatha.blogspot.com/  for full text of daily readings & more....
God Bless you...

No comments:

Post a Comment