Thursday, September 25, 2014

අද සුපුවත- සැප්තැම්බර් මස 25 -බ්‍රහස්පතින්දා

පළමු කියවීම/ධර්මදේශකයා 1:2-11

 

''සියල්ල නිස්සාර යසියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය''යි ධර්මදේශකයා පවසයි. 3මිනිසාගේ ශ්‍රමයෙන්මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද? 4 එක පරපුරක් පහ ව යයිතව පරපුරක් මතු වෙයිඑහෙත්මහ පොළොව සදහට ම පවතියි. 5 හිරු උදා වෙයිහිරු බැස යයිඑය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි. 6 සුළඟ දකුණ බලා හමයිසුළඟ උතුර බලා හමයිඑය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි. 7 සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්මුහුද පිරෙන්නේ නැතගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි. 8 හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයිඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි. 9 මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය;මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත. 10 ''මෙන්නමෙය අමුතු දෙයකැ''යි මිනිස්සු කියති. එහෙත්එය අප උපදින්නටත් පෙර සිදු වූවකි. 11යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැතමෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.

 

 සුවිශේෂය/ලූක් 9:7-9

 

යුවරජ හෙරොද්උන් වහන්සේ කළ සියල්ල අසාඅතිශයින් වියවුල් විය. එසේ වූයේ, 'ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී යකියාත්, 8 සමහරුන්, 'එලියා පහළ වූයේ යකියාත්අන් සමහරුන්, 'පෙර සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්ථාන වී යකියාත් කී බැවිනි. 9 එවිට හෙරොද්, ''මම ජොහන්ගේ හිස සිඳ දැමීමිඑහෙත්මට සැළ වී ඇති මෙ‍බඳු දේ කරන මේ තැනැත්තා කවරෙක් දැ''යි ඇසී ය. ඔහු උන් වහන්සේ දැකීමට වෑයම් කෙළේ ය.


--
Dear Brothers & Sisters, please visit
http://supuwatha.blogspot.com/  for full text of daily readings & more....
God Bless you...

No comments:

Post a Comment