Tuesday, September 23, 2014

පිවිසෙන්න අප වෙබ් අඩවියට http://supuwatha.blogspot.com/ අද සුපුවත -සැප්තැම්බර් මස 24- බදාදා

පළමු කියවීම/හිතෝපදේශය 30:5-9

 

5 දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ;
දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය. 
6 එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න; 
එසේ කළොත්, එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. 
ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත. 
7 මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත; 
මගේ දිවි ඇති තාක්, ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව. 
8 වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව. 
මට දිළිඳුකම වත් පොහොසත්කම වත් නුදුන මැනව. 
මට වුවමනා පමණට ආහාර දුන මැනව. 
9 එසේ දිය යුත්තේ, මා සැප සම්පතින් පිරී, ඔබ හැරදමා, 
''ඔය කියන සමිඳාණෝ කවරෙක් දැ''යි නොකියන පිණිසත්, මා දිළිඳෙකු වී, සොරකමට වැටී, දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත් ය.

 

සුවිශේෂය/ලූක් 9:1-6

 

1 එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී 2 දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූ සේක. 3 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ''චාරිකාව සඳහා කිසිවක් නොගන්න; සැරයටියක් වත්, මල්ලක් වත්, රොටි වත්, මිලමුදල් වත්, කමිස දෙකක් වත් නොගන්න. 4 ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න. 5 ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාද යට තිබෙන ධූලි ගසා දමන්නැ''යි වදාළ සේක. 6 ඔව්හු පිටත් ව රට පුරා සුබ අස්න දේශනා කරමින් ද රෝග සුව කරමින් ද ගමින් ගමට ගියහ.


--
Dear Brothers & Sisters, please visit
http://supuwatha.blogspot.com/  for full text of daily readings & more....
God Bless you...

No comments:

Post a Comment