Saturday, February 7, 2015

අද සුපුවත 07.02.2015

පළමු කියවීම/හෙබ්‍රෙව් 13: 15-17,20-21

15 එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. ඒ පූජාව නම්උන් වහන්සේගේ නාමයට අපේ මුවින් ම පැසසුම් දීමයි. 16 යහපත කිරීමට දඔබ සතු දෙය අනුන් සමඟ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක. 
17
 ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්දඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොවප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්ඔබට යහපතක් සිදු නොවේ.

20 සදාතන ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහා එඬේරාණන් වනඅප ජේසුස් සමිඳාණන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානයේ දෙවියන් වහන්සේ, 21 ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිසසියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්. 

සුවිශේෂය/මාක් 6:30-34

30 ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ. 31 එවිට උන් වහන්සේ කතා කරමින්, ''ඔබ පමණක් වෙන් වහුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ''යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි. 32 එවිට ඔව්හු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝ ය. 

33 බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැකඔව්හු කවරහු දැ යි හැඳිනසියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්ඔවුන්ට පෙර එහි පැමිණියහ. 34 උන් වහන්සේ ගොඩට ආ කලමහ පිරිසක් දැකඑඬේරෙකු නැති බැටළුවන් වැනි වූඔවුන්ට අනුකම්පා කොටඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.

--

No comments:

Post a Comment