Saturday, February 14, 2015

Ada Supuwatha අද සුපුවත 14.02.2015

සමිදුනි පරපුරෙන් පරපුරට ඔබ වහන්න්සේ අපේ වාසස්ථානය වන සේක

පළමු කියවීම/උත්පත්ති 3:9-24

9 එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, ''නුඹ කොහේ දැ''යි ඇසූ සේක. 10 ''ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි''යි ඔහු උත්තර දුන්නේ ය. 11 එවිට උන් වහන්සේ, ''නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ''යි ඇසූ සේක. 12 ඔහු ද පිළිතුරු දෙමින්, ''ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි''යි පැවසී ය. 13 එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, ''නුඹ මෙය කෙළේ මන්දැ''යි ඇසූ සේක. ''සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි''යි ඈ පිළිතුරු දුන්නා ය.

සුවිශේෂය/මාක් 8:1-10

ඒ දවස්වල දී නැවත මහත් සමූහයක් රැස් වූයෙන්, ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, 2 ''මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. 3 කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත්, ඔවුන් මඟ දී ක්ලාන්ත වනු ඇත, ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති''යි වදාළ සේක. 4 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, ''මෙවැනි පාළුකරයක මොවුන්ට කොහොන් කෑම සපයා දෙන්න දැ''යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය. 5 ''ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ''සතක්''යයි ඔව්හු කී හ. 
6
එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ. 7 ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් ද විය. උන් වහන්සේ ආශීර්වාදය පවසා, එය ද ඔවුන් ඉදිරියේ තබන්න අණ කළ සේක. 8 ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ. 9 එහි සෙනඟ හාරදහසක් පමණ වූ හ. උන් වහන්සේ ඔවුන් යන්න හැරිය සේක. 10 එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක.

 

ඔබට කුමන හෝ යහපත් ක්‍රියාවක් කිරීමට බොහෝ සම්පත් අවශ්‍ය නොවේ .උත්සාහයත්, සමිදුන්ගේ ශක්තිය පිලිබඳ විශ්වාසයත් සැහේ .


.

 


--

No comments:

Post a Comment